විදෙස්

කොරෝනා ගැන තොරතුරු දෙන්නන්ට සල්ලි දෙන්න සුදානම්

(UTV |චීනය) – කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය කල්තියා හඳුනාගන්නා පුද්ගලයින් හට මුදලින් ත්‍යාග පිරිනැමීමට චීන රජය  සුදානම් වෙයි.

මෙම දැනුම්දීම කර ඇත්තේ වෛසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ හුබේ පළාතේ ක්වැන්ජිඇන් නගර බලධාරීන් විසිනි.

යම් පුද්ගලයෙකු රෝග ලක්ෂණ කල්තියා හඳුනාගෙන ඒ පිළිබඳ දැනුම් දී, පසුව ඔහුට හෝ ඇයට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වුවහොත් එම පුද්ගලයා හට යුවාන් 10,000 ක් හෝ අමෙරිකානු ඩොලර් 1,426 ක මුදලක් පිරිනැමීමට නියමිතය.

මේ අතර යම් පුද්ගලයෙකු තමන්ට රෝග ලක්ෂණ ඇති බවට ඉදිරිපත් වී එම පුද්ගලයා හට කොරෝනා ආසාදනය වී ඇති බවට සැක මතුවුවහොත් එවැනි පුද්ගලයෙකු සඳහා ද යුවාන් 2,000 ක මුදලක් පිරිනැමීමට බලධාරීන් තීරණය කර ඇති බව චීන මාධ්‍ය වාර්තා පවසයි.

යම් පුද්ගලයෙකු කොරෝනා ආසාධනය වී ඇති බවට සැකපිට ඉදිරිපත් වී සිදුකෙරෙන පළමු පරීක්ෂණයේදී ඔහු ආසාධිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් එවැනි පුද්ගලයින් සඳහා යුවාන් 1,000 ක මුදලක් පිරිනැමීමටද නියමිතය.

 

Related posts

හිටපු දකුණු කොරියානු ජනාධිපතිනියගෙන් දූෂණ විමර්ශන අංශය ප්‍රශ්න කරයි

Mohamed Dilsad

ඇමරිකානු ජනාධිපතිවරණය හෙට – ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Mohamed Dilsad

ඉරාන ජනාධිපතිවරණය අද

Mohamed Dilsad

Leave a Comment