දේශීය

රාජ්‍ය ආයතන 110කට පාර්ලිමේන්තුවේ දී සම්මාන

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවට අනුව 2018 වර්ෂයේ දී ඉහළ කාර්ය සාධන මට්ටමක් ළඟා කර ගත් ආයතන සඳහා සම්මාන පිරිනැමීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) සිදු කිරීමට නියමිතව ඇත.

කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් 2018 මුදල් වර්ෂයට අදාළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව 2020.02.18 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කළේය.

2018 වර්ෂයේදී ආයතන 844ක් ඇගයීමට ලක් වූ අතර, ඉන් තෝරාගත් ආයතන 110ක් වෙත සම්මාන පිරිනැමීම සිදුවේ.

ඒ අනුව රජයේ විශේෂිත වියදම් ඒකක (ප්‍රධාන) , රජයේ අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු,විශේෂිත වියදම් ඒකක, පළාත් සභා අධිකාරි, මහ නගර සභා , නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ සම්මාන පිරි නැමේ.

Related posts

අද පැයක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

විදුලිබිල වැඩි නොකරන බවට ඇමතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

තවත් ගම් දෙකක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment