දේශීය

LTTE ට සහය පල කිරීමේ චෝදනා ලැබු 8 ක් නිදහස් කෙරේ

(UTV | මැලේසියාව) – එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වීම සහ එම සංවිධානයේ නායකයින්ගේ ඡායාරූප ලඟ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි මලයාසියානු පුද්ගලයින් 8 දෙනෙක් එරට මහාධිකරණයක් විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

මලයාසියානු ප්‍රාදේශිය දේශපාලනඥයෙකුද ඒ අතර වන බව සඳහන්.

ඒ අධිකරණය හමුවේ එරට නීතිපතිවරයා කරුණු දක්වමින් අදාල චෝදනා අත්හිටුවන බව ප්‍රකාශ කිරීමත් සමඟයි.

එමෙන්ම එල්.ටී.ටී.ඊ නායකයින්ගේ ඡායාරූප ලඟ තබා ගත් පමණින් ඔවුන් ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වනු ඇති බවට ප්‍රකාශ කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය පල කිරීමේ චෝදනා මත පුද්ගලයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ට එරෙහිව චෝදනා 24 ක් ගොනු කර තිබුණි.

 

Related posts

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කරයි…!

Editor O

ඉන්ධන බද්ධ අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

ඇමති මණ්ඩලය වැඩි කිරීමේ සූදානමක්

Editor O

Leave a Comment