දේශීය

ජනපති සහ නිදහස් පක්ෂය අතර හමුවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉදිරි මහමැතිවරණයේදී ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පූර්ණ සහය ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

ඊයේ (20) පස්වරුවේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙලෙස සහය ලබාදීමට එකඟතාව පළ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා සහ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

Related posts

තරුණයෙක් උස්සා පොළොවේ ගැසූ ටියුෂන් ගුරා රිමාන්ඩ්

Editor O

දිවයින පුරා සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සේවයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment