දේශීය

අද රාත්‍රියේ එන තද වැස්ස ගැන අනතුරු අඟවයි

ඉදිරි පැය 36ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඉන් පෙන්වා දෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

 

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

 

බස්නාහිර සහ දකුණ පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙයි.

 

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතී.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Related posts

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 22 ක ආධාර

Mohamed Dilsad

රාජ්‍ය ඇමතිනී ඩයනා ට එරෙහිව පියවරක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 22,000 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment