දේශීය

කෝප් කමිටුවේ පළමු වාර්තාව සභාවට ඉදිරිපත් කරයි

(UTV | කොළඹ) –  අට වන පාර්ලිමේන්තුවේ හතර වන සැසිවාරය සඳහා වූ කෝප් කමිටුවේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද (18) සභාවට ඉදිරිපත් කළේය.

වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ රාජ්‍ය ව්‍යාපාර ආයතන 10ක කරුණු ඊට ඇතුලත් බවයි.

එහි මහජන බැංකුව, මහබැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ව්‍යාපාර ආයතන ඇතුළත්ව ඇත.

කෝප් වාර්තාවේ අඩංගු කරුණු තුළින් හෙළි වන වංචා, දූෂණ සහ ඒවාට සෘජුවම වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමුවිය යුතු බව වාර්තාව ඉදිරිපත් කරමින් සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ ය.

Related posts

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ පෙනී සිටීමට CID අධ්‍යක්ෂවරයාට නියෝගයක්

Mohamed Dilsad

‘පාර්ලිමේන්තුවට ගිනි තැබුවොත් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට දොස් පැවරෙන්නේ එපා’

Mohamed Dilsad

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment