දේශීය

අගමැති හා හිටපු ජනපති අතර සාකච්ඡාව ලබන සතියේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගැනීමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවදා පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සන්ධාන ගතවීම පිළිබඳ මෙහිදී අවසන් එකඟතාවයකට පැමිණෙනු ඇති බවයි.

Related posts

සතොස සුදුළුණු කිලෝ 54,000ක් පුද්ගලික ආයතනයකට විකුණයි..

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන යළි සලකා බලන්න – හිටපු කතානායක කරු ජයසූරිය

Editor O

පාසල් ආරම්භ කිරීම තවත් කල් යයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment