දේශීය

උපාධිධාරීන්ගේ අයඳුම්පත් බාර ගන්නා දිනය තවත් දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට රැකියා අවස්ථා සඳහා අයඳුම්පත් බාර ගන්නා දිනය පෙබරවාරී 22 වන දා දක්වා දිගු කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට නියමිත රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රැකියා පත්වීම් ලබන්නන්ට දේශපාලන බලපෑම් මත වුවද වසර 5ක් ගතවන තුරු ස්ථානමාරු ලබාගත නොහැකි බව අද(10) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා අදහස් පළ කළේය.

පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් හෝ උපාධියකට සමාන උසස් ඩිප්ලෝමාධාරි වයස අවුරුදු 45 ට නොවැඩි ඕනම අයෙකුට මේ සඳහා ඉල්ලුම් කල හැකි බවත්, ඔවුන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා රජයේ රැකියාවක් හිමිවන බවත් අමාත්‍යවරයා පැවසීය.

වසරක පුහුණුව ලබා දෙන කාලය තුළ රුපියල් 20,000 ක දීමනාවක් ලබා දෙන බවත්, පුහුණු වීමෙන් පසුව එම ප්‍රදේශය තුළ රැකියා තිබෙන අවස්ථාව අනුව ස්ථාන ගත කරන රැකියා ලාභියා ස්ථිර සේවයේ නිශ්චිත වැටුප් තලවල පිහිටුවන අතර, වසර 5ක් ගත වන තුරු එම ස්ථානයේම සේවයේ නියුතු විය යුතු බවත් කියා සිටියේය.

කිසිදු දේශපාලන හෝ වෙනත් බලපෑමක් මත ස්ථාන මාරුවීම් කළ නොහැකි බවත් පැවසු ඒ මහතා, දැනට රැකියා නොකරන උපාධිධාරීන් 55,000-60,000 ටම මෙයින් විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

Related posts

IMF වැඩසටහනේ ප්‍රගතිය කෙසේද ?

Mohamed Dilsad

කොරෝනා අවදානම තවමත් – උත්සව සමයේ පරිස්සමෙන්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100ට වැඩි තද වැසි

Mohamed Dilsad

Leave a Comment