ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි කොදෙව් සංචිතය

(UTV | කොළඹ) –  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන 15 දෙනකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

එහි නායකත්වය කිරන් පොලාඩ්ට හිමිව තිබේ.

කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ සිටි වමත් ආරම්භක පිතිකරුවකු වන එවින් ලෙවිස් සහ ශිම්රන් හෙට්මයර් නිමාවූ අයර්ලන්ත සංචාරයේ අසාර්ථක වීම හේතුවෙන් මෙම සංචිතයෙන් ඉවත් කර ඇත.

තරග 3 කින් සමන්විත වන ශ්‍රී  ලංකා – බටහිර ඉන්දීය කොදෙව් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මෙම මස 22 වැනි දින කොළඹ එස්.එස්.සී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

දෙවැනි තරගය 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය මාර්තු මස 01 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය –

කිරන් පොලාඩ් (නායක) , ෆැබියන් ඇලන් , සුනිල් ඇම්බි‍රස්  , ඩැරන් බ්‍රාවෝ  , රොස්ටන් චේස්  , කොට්රල්  , ජේසන් හෝල්ඩර්ශායි   , හෝප් අල්සාරි ජෝසප්  , බ්‍රයිඩන් කින්  ,  කේමෝ පවුල්  , නිකොලොස් පූරන්  , රොමාරියෝ ශෙපේඩ්  , හයිඩ්න් වෝල්ස්.

Related posts

IPL අවසන් මහා තරඟය අදයි

Mohamed Dilsad

නවසීලන්ත සංචාරයට දිනේෂ් චන්දිමාල් කැඳවයි

Mohamed Dilsad

ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment