දේශීය

ගුවන්තොටුපල අවට ත්‍රිරෝද රථ නියාමනයක්

(UTV | කොළඹ) – කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රීරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන් බව රජය පවසයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පියවර ගැනෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රී රෝද රථ රියදුරන් සමඟ පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ඒ අනුව ඉදිරියේ දී කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ යෙදෙන ත්‍රීරෝද රථ රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීමටත්, වෙනම නිළ ඇදුම් හා දිය හැකි වෙනත් පහසුකම් ද ලබා දීමටත් අපේක්ෂා කරන බව පැවසු ඇමතිවරයා මෙම ත්‍රීරෝද රථ සේවාව හදුනා ගැනීම පහසු වන පරිදි වර්ණ ගැන්වීම කෙරෙහිද අවදානය යොමුව ඇති බව අමාත්‍යවරයා පැවසීය.

වෙනත් රටවල ගුවන් තොටුපල ආශ්‍රිතව මෙවැනි සේවාවාන් සදහා ලබා දී ඇති නිර්ණායකයන්ට අනුව මෙම නියාමනය කිරීම සිදුවන බවද රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

Related posts

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ලබන 05 වැනිදා සිට දුරගමන් සේවා

Mohamed Dilsad

පොහොට්ටුව දෙකඩ වෙන විදිය ගැන නාමල් රාජපක්ෂ කියපු කතාව

Editor O

Leave a Comment