කලා

සාරා සහ ධනුෂ් පෙම්වතුන් වෙයි

(UTV | බොලිවුඩ්) – සාරා අලී ඛාන් වර්තමානයේ බොලිවුඩයේ සිටින දක්ෂතම යොවුන් සිනමා නිළියක් ලෙස හැඳින්විය හැකිය.

මේ වනවිට ඇයට සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් සමඟින් චිත්‍රපටයක රඟපෑමට ආරාධනා ලැබී තිබේ.

අක්ෂේ කුමාර් නිෂ්පාදනයෙන් ආනන්ද එල් රායි අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වීමට නියමිත මෙම චිත්‍රපටය ධනුෂ් හා සාරා ප්‍රධාන චරිත වලින් හැඩ ගැන්වෙන බවට වාර්තා වේ.

වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 120ක නිෂ්පාදන පිරිවැයක් දරන්නට ආක්ෂේ කුමාර් සූදානමින් සිටියි.

Related posts

ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් ආක්ෂේගෙන් අලුත් වැඩක්

Mohamed Dilsad

කලීෆා ඔමර්ගේ ජීවිත කතාව සංහල උපසිරැසි සහිතව UTV වෙතින්

Mohamed Dilsad

කරිනාට නෙගටිව්

Mohamed Dilsad

Leave a Comment