විදෙස්

චීනයේ වුවාන් නගරයේ පොදු ප්‍රවාහන සේවය ඇණහිටී

(UTV |චීනය) –  මේ වන විට චීනයේ පැතිර යන කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණෙන් එරට වුවාන් නගරයේ පොදු ප්‍රවාහන සේවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙහි අරමුණ වන්නේ චීනයේ නව වසර සමරන කාලය උදාවී ඇති බැවින් මෙම සමයේදී චීන ජාතිකයින් තමන් ජීවත් වන නගරවලින් පිටත සංචාරය කරනු ලබන අතර ඒ අතරතුර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමයි.

වුහාන් නගරයේ මිලියන 9 කට ආසන්න ජනගහනයක් ජීවත් වනවා.

චීනයේ පැතිර යන නව කොරෝනා වෛරසය වැලදුණු රෝගීන් 500 කට වැඩි සංඛ්‍යාවක් තහවුරු වී ඇති අතර 17 දෙනෙකු මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඇමරිකානු ගුවන් කඳවුරක් සිරියාවේදී විනාශ කරයි

Mohamed Dilsad

යුක්‍රේන ජනාධිපති, චාල්ස් රජු හමුවෙයි

Editor O

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය වෙනුවෙන් චීනයේ සහාය

Editor O

Leave a Comment