විදෙස්

චීනයේ පැතිර යන දරුණු වෛරසය ජපානයටත්

(UTV | චීනය) –  චීනයේ දකුණු කලාපයේ පිහිටි වූහාන් නගරයෙන් වාර්තා වූ කොරෝනා වෛරස ගණයට අයත් අභිරහස් වෛරසය වැළඳුණු 30 හැවිරිදි වියේ පසුවන ජපාන ජාතිකයෙකු ප්‍රථම වතාවට එරටින් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම පුද්ගලයා අදාළ වෛරසය පැතිර යන චීනයේ වූහාන් නගරයේ සිට පසුගියදා ජපානයට පැමිණ ඇති බවට හෙලි වී තිබේ.

පෙනහළු රෝග ඇති කරවන මෙම වෛරසය වැළඳුණු රෝගීන් 41 දෙනෙකු චීනයෙන් මේ වනවිට වාර්තා වී ඇත.

වෛරසය වැළදුණු එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර , මෙය ලෝ පුරා පැතිර යා හැකි බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

2002 වසරේදී සහ 2012 වසරේදී සාර්ස් සහ මර්ස් නමින් මෙම කොරෝනා වෛරස් කාණ්ඩයට අයත් වෛරස ලොව පුරා පැතිර ගිය අතර, ඉන් මියගිය සංඛ්‍යාව 1632 ක්.

උරුලෑවන්ගෙන් සහ ඔටුවන්ගෙන් එම වෛරස මිනිස් සිරුරට පැතිර ගිය නමුත්, නව වෛරසය පැමිණියේ කුමන සත්වයෙකුගෙන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

Related posts

ප්‍රතිඵල සමවීම නිසා ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළි ගණන් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

අධික සීතලෙන් ඉන්දීය සෙබලුන් 14 දෙනෙකු මරුට

Mohamed Dilsad

කොරෝනා නීති කැඩූ සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

Leave a Comment