දේශීයප්‍රමුඛ පුවත 1

අඩු අදායම් ලාභී පවුල් වෙනුවෙන් සහන රැසක්

(UTV| කොළඹ)  – අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී තිබේ.

මේ යටතේ සෑම හිමිකම් ලාභියෙකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව සීනි, තේ, හාල්, පිටි, පරිප්පු, කඩල, ලූණු, මිරිස්, කරවල, අල සහ කිරිපිටි ඇතුලූ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට ලබාදීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

තවද ග්‍රාමීය වතු සහ නාගරික ප්‍රදේශවල ගෘහ ඒකක එක්ලක්ෂ 50,000 ක් සඳහා පානීය ජලය ලබාදීමටත්, ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

වැසි තත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

අද සිට බන්ධනාගාර වලට පොලිස් ආරක්‍ෂාව

Mohamed Dilsad

ගම්පහ, කළුතර සහ යාපනයේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment