කලා

ජෝන් ඒබ්‍ර්හිම් හා ආදිත්‍ය රෝයි ‘ඒක් විලන්’ දෙවැන්නට

(UTV |ඉන්දියාව) –  ‘ඒක් විලන්’ චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කිරීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කරන බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

මෝහිත් සූරිගේ ඒක් විලන් චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි සියයක ආදායමක් උපයා ගැනීමට සමත් විය.

පළමු චිත්‍රපටයේ රඟපෑ සිද්ධාර්ත් මල්හෝත්‍රා හා රිතෙක් දේශ්මුක් ඉවත් කොට ඒ වෙනුවට ජෝන් ඒබ්‍ර්හිම් හා ආදිත්‍ය රෝයි කපූර් දෙදෙනා සම්බන්ධ කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෝහිත් සූරි පසුගියදා මාධ්‍යයට පවසා තිබුණේ මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ වසරේ දෙවැනි භාගයේදී අරඹන්නට සූදානමින් සිටින බවයි.

Related posts

සායිෆ් යළි සාර්ථකත්වයට

Mohamed Dilsad

ලෝකෙම හොල්ලපු යොහානි ලංකාවට එයි

Mohamed Dilsad

සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් ලංකාවේ

Mohamed Dilsad

Leave a Comment