දේශීය

අල්ලස් ගත් පොලීසියේ දෙදෙනෙකුට වසර 28 ක සිරදඬුවම්

(UTV | කොළඹ) –  රුපියල් 10,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට බරපතළ වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම දඬුවම නියම කළ අතර විත්තිකරුවන්ට සිර දඬුවමට අමතරව රුපියල් විසි දහස බැගින් දඩ මුදලක් ද නියම කළේය.

2009 වසරේ අරලගංවිල පොලිසියේ සේවය කළ අවස්ථාවේදී නීති විරෝධී ලෙස ගෝන මස් ළඟ තබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකුට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම සඳහා විත්තිකරුවන් රුපියල් 10,000 ක මුදලක් ඉල්ලා තිබේ.

අදාළ මුදල අල්ලස් වශයෙන් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව එම කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

Related posts

ඩොලරය රුපියල් 260 ට නගී

Mohamed Dilsad

කෘත්‍රිම බුද්ධිය සමග ලොව නැගී එන තාක්ෂණයට පිවිසීම අත්‍යාවශ්‍යයි. – අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

Editor O

නිරෝධායනය අවසන්වූ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment