දේශීයව්‍යාපාරික

ලබන වසරේ මහ බැංකුවට නව බැංකු පනතක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව නව බැංකු පනතක් හඳුන්වාදීමට තීරණය කර ඇත.

මහබැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතා පෙන්වා දෙන්නේ අදාල බැංකු පන ත කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති අතර , එම නව පනත ලබන වසරේදී බලාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙර දැක්මේ 13 වන ප්‍රකාශය ඉදිරිපත් කරමින්.

මේ අතර මෙම වසර තුලදී මූල්‍ය ගණුදෙනු වාර්තා කිරීමේ පනතට, මුදල් විශූද්ධිකරණය වැළැක්වීමේ පනතට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනතට තවදුරටත් සංශෝධන හදුන්වාදීමට නියමිතව තිබේ.

Related posts

අදත් දිවයිනට වැසි

Mohamed Dilsad

එළඹෙන නත්තල් සමයේ රට වසන්නේ නැහැ

Mohamed Dilsad

ඩිජිටල් සේවා බද්ද ගැන IMF පැහැදිලි කරයි

Mohamed Dilsad

Leave a Comment