දේශීය

උඩවලවේ දිවියෙකු ඝාතනය කළ සිව්දෙනා අත්අඩංගුවට

(UTV | කොළඹ) – උඩවලව ජාතික වනෝද්‍යානයට යාබද ප්‍රදේශයේ දිවියෙකු ඝාතනය කළ පුද්ගලයන් 4 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන්ව මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (05) පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සහ වනජිවි නිලධාරින් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා උඩවලව නෙලුම්වැව ප්‍රදේශයේ පදිංචි දඩයක්කරුවන් බව අනාවරණ විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

දකුණු ආසියාවේ වායුගෝලීය ගුණාත්මක බාවයෙන් ඉහළම රට ලංකාව

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපත් අහෝසි කරමු – පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා

Editor O

ලංවීම ප්‍රතිව්‍යුහගතකරණය නැවතීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කැඩීමක් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

Leave a Comment