විදෙස්

ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්‍රහාරයට ඉරානය වගකිව යුතු බවට චෝදනා කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එම සියලු චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කළ පසුබිමකදී මෙම ප්‍රහාරයට ඉරානය වන්දි ගෙවනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙය අනතුරු ඇඟවීමක් නොව තර්ජනයක් බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර මෙම ප්‍රහාරය සිය ස්වාධිපතිත්වයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස ඉරාකය සඳහන් කරයි.

අමෙරිකාව, ඉරානයේ සහය ලත් ඉරාක සන්නද්ධ කණ්ඩායමකට එල්ල කළ ප්‍රහාරයෙන් සටන්කාමීන් 25 දෙනෙකු මිය යාමෙන් පසුව ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට මෙම ප්‍රහාරය එල්ල විය.

Related posts

බ්‍රිතාන්‍යය ගංවතුර බලපෑමෙන් ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක්

Mohamed Dilsad

කිම් ජොං නැම්ගේ මෘත ශරීරය උතුරු කොරියාවෙන් ඉල්ලයි

Mohamed Dilsad

දුවිලි කුණාටුවෙන් මිය ගිය ගණන 100ට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment