විදෙස්

බ්‍රිතාන්‍යය ගංවතුර බලපෑමෙන් ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක්

(UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යට තවදුරටත් ගංවතුරින් බලපෑම් හේතුවෙන් එංගලන්තයේ සහ වේල්සයේ ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පසුගිය සතියේ බ්‍රිතාන්‍යට ඩෙනිස් සුළි කුණාටුවෙන් ඇතිවූ බලපෑමෙන් ප්‍රදේශ රැසක හටගත් ගංවතුර තවමත් පහව ගොස් නැති බවයි.

මේ හේතුවෙන් ගංවතුරට කොටුවී සිටි පුද්ගලයන් සියයක් පමණ මුදාගැනීමට සහන සේවකයන් සමත්ව තිබුණි.

අධික වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර ඉදිරි දිනවලදී ආපදා තත්ත්වය තවත් දරුණු වන බව එරට කාලගුණ වාර්තා සඳහන් කරයි.

 

 

Related posts

හැරී-මේගන් පුවත්පත් ආයතන 2කට එරෙහිව නීතිමය පියවර ගනී

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

ඉන්දුනීසියාවට ප්‍රබල භුකම්පනයක්

Mohamed Dilsad

Leave a Comment