දේශීයප්‍රමුඛ පුවත 1

ඇප ලැබුණු රාජිත තවමත් රෝහලේ

(UTV | කොළඹ) – සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබුවද ඔහු තවමත් රැඳී සිටින්නේ නාරාහෙන්පිට ලංකා පෞද්ගලික රෝහලේ බව රෝහල් බලධාරීන් පවසයි.

මේ අතර සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට මුල්‍යඅනුග්‍රහය දැක්වූ බව පැවසෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමටත් අධිකරණය අද නියෝග කළේය.

සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබියදී ඒ මහතා අසනීප බව පවසමින් කොළඹ ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත්වුණි.

ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 27 වැනිදා ඒ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 09 වැනිදා පාර්ලිමේන්තුවට

Editor O

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මාර්ගය ගැන ජනපති පැහැදිලි කරයි

Mohamed Dilsad

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් අගමැති හමුවෙයි

Editor O

Leave a Comment