ප්‍රමුඛ පුවත 1

ගල්, වැලි සහ පස් බලපත්‍ර ක්‍රමය අහෝසි කෙරේ

(UTV | කොළඹ) – කැබිනට් මණ්ඩලය විසින් ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක වූ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට ඊයේ (4) තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය අද (5) සිටම ක්‍රියාත්මක විමට නියමිතය.

කැබිනට් මණ්ඩලය විසින් ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ජනතාව මුහුණ දෙන දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.

මෙම අමුද්‍රව්‍ය ප්‍රවාහනයේදී සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ගැටළු කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත් ඒ අනුව බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමටත් තීරණය කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

ගල්, වැලි සහ පස් ලබා ගන්නා ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේද සහභාගීත්වය ඇතිව කමිටු කිහිපයක් පත්කිරීමටද තීරණය වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා පක්‍ෂයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

මෙරට යුරෝපා සංගමයේ තානාපති අග්‍රාමාත්‍ය හමුවේ [VIDEO]

Mohamed Dilsad

අද සංවර්ධන නිලධාරීන් පිරිසක් වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment