ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ [VIDEO]

(UTV | කොළඹ) – අද (02) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය විභාගය මධ්‍යස්ථාන 4,987කදී ආරම්භ වේ.

එය මේ මස 12 වන දා දක්වා පැවැත්වෙන අතර මෙවර විභාගයට අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008ක් පෙනී සිටීමට නියමිතයි.

අපේක්ෂකයින් නිවැරදිව සහතික කළ විභාග අයදුම්පත්‍රය සහ ජාතික හැදුනුම්පත රැගෙන යාම අනිවාර්ය වන අතර ජාතික හැඳුනුම්පත නොමැති නම් වලංගු හැඳුනුම්පතක් රැගෙන යා යුතුයි.

විභාගය පෙරවරු 08.30 ට ආරම්භවන බැවින් පැය භාගයකට පෙර මධ්‍යස්ථාන වෙත අයදුම්කරුවන් පැමිණ සිටිය යුතු වේ.

විභාගය සම්බන්ධයෙන් ලැබෙන සෑම පැමිණිල්ලක් සොයා බැලීම සදහා විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා තිබේ.

විභාගයට අදාළව කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ක්ෂණික ඇමතුම් අංකය වන 1911 හෝ 0112784208,0112784537 යන දුරකථන අංක හරහා විභාග දෙපාර්තමේන්තුව දැනුම්වත් කළ හැකියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටවල් 13 ක විදේශිකයන් ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය යයි…

Mohamed Dilsad

පස්වරුවේ වැසි

Mohamed Dilsad

ඖෂධ සදහා හදිසි ඇමතුම් අංකයක්

Mohamed Dilsad

Leave a Comment