ප්‍රමුඛ පුවත 1

රටවල් 13 ක විදේශිකයන් ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය යයි…

(UTV| කොළඹ) – පසුගිය ඉරිදා කොළඹ ප්‍රධාන හෝටල් කිහිපයකට සහ දේවස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් රටවල් 13 කට අයත් විදේශිකයින් මියගොස් ඇති අතර ඉන් 36 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ජිවිතක්ෂයට පත්වූ විදේශිකයින් චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, ඩෙන්මාර්කය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, සෞදි අරාබිය, ප්‍රංශය, තුර්කිය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලට අයත් බව සඳහන් වන අතර ඉන්දියානු ජාතිකයින් 11 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 06 දෙනෙකු, ඩෙන්මාර් ජාතිකයින් තිදෙනෙකුත් ඇතුළත් වේ

තවද අදාල ප්‍රහාරවලින් තවත් විදේශකයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද , විදේශිකයින් 14 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙතෙක් හඳුනා නොගත් විදේශකයින් හඳුනා ගැනීම සඳහා එම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින අතර පීඩාවට පත් විදේශකයින් පිළිබඳව දැනුම්දීම සදහා 011 2 323015 යන හදිසි දුරකතන ඇමතුම් අංකයක් ද හඳුන්වා දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවමට එරෙහි පෙත්සම් යළි සළකා බැලීම අද

Mohamed Dilsad

“විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියල කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එක පමණයි”හිටපු ජනපති

Mohamed Dilsad

මදුෂ්ගේ ගෝලයා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

Leave a Comment