ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ වැසි

(UTV| කොළඹ) – මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර, පොලොන්නරුව, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින පුරා සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ද එම නිවේදනයේ තව දුරටත් දැක්වෙයි.

බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති වෙයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව  ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිවසක් මතට ගසක් කඩා වැටී තිදෙනෙක් මරුට

Mohamed Dilsad

වැලිකඩ සිද්ධියට සහය දුන් නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන්න හිටපු ඇමති හලීම් ඉල්ලීමක්(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment