ප්‍රමුඛ පුවත 1

රුවන්වැලි මහා සෑයෙහි නව කොත් වහන්සේ නිරාවරණය කෙරේ [PHOTO]

(UTV | අනුරාධපුරය) – අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි තැන්පත් කරන ලද චූඩා මාණික්‍යය පැළඳ වූ නව කොත් වහන්සේ අද පෙරවරුවේ නිරාවරණය කෙරුණි.

වසර 80 කට වඩා පැරණි චූඩා මාණික්‍යය පළුදු වී දුර්වර්ණ වීම නිසා මෙම රන් පාදමක් සහිත නව චූඩා මාණික්‍යය නිර්මාණය කිරීමට පියවර ගත්තේය.

නව චූඩා මාණික්‍යයේ පළිඟු කොටස සඳහා භාවිත කොට ඇත්තේ දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ටල් නම් පාෂාණය යි.

මෙම චූඩා මාණික්‍යය රුවන්වැලි මහසෑරඳුන්ට පැළඳවීමට පෙර ජනතාවට දැක බලා ගැනීම සඳහා පසුගිය නොවැම්බර් 18 වන දින සිට කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක දී අවස්ථාව සලසා දී තිබුණු අතර ඊයේ (25) දහවල් 12.00 දක්වා රුවන්වැලි සෑ පුදබිමේ දි ද ප්‍රදර්ශනය කෙරුණි.

ඉන් අනතුරුව ඊයේ (25) පස්වරුවේ රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය සහිත කොත්වහන්සේ ඓතිහාසික රුවන්වැලි මහසෑරදුන්ට පැළඳවීම සිදු කරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සෆාරී ජීප් රථ පැදවීම සඳහා ජුලි මාසයේ සිට බලපත්‍රයක්…

Mohamed Dilsad

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේදී අගමැතිට ආචාර උපාදියක්

Mohamed Dilsad

Leave a Comment