ප්‍රමුඛ පුවත 1

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ 2ම ලංකාව ගැන අදහස් දක්වයි [VIDEO]

(UTV | කොළඹ) – මෙවර මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශවල මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ 2 ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

සුලු ජන කොට්ඨාශවල අයිතීන්ද ආරක්ෂා වන පරිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීමට පියවර ගන්නා බව දැනට එරට විපක්ෂය ලෙස කටයුතු කරන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙයි.

එක්සත් ජාතීන් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සහය ඒ සඳහා ලබාගන්නා බවද එහි දැක්වුණා.

මේ අතර ඊයේ (24) මහා බ්‍රිතාන්‍යයේ පාලක කොන්සර්වේටිව් පක්ෂය විසින් නිකුත් කල සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ස්ථාවරය පැහැදිලි කර තිබිණි.

ලොව පුරා ප්‍රතිසන්ධානය / ස්ථාවරත්වය සහ නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවන බවයි එහි දක්වා තිබේ.

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන්නේ සයිප්‍රස් / ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග රටවල ද්වි රාජ්‍ය සංකල්ප විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අද

Mohamed Dilsad

ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් – යුද හමුදාපති

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කීපයකට තද වැසි හා සුළං….

Mohamed Dilsad

Leave a Comment