ප්‍රමුඛ පුවත 1

ජනපති අපේක්ෂකයන් 33 කට ඇප මුදල් අහිමි වෙයි

(UTV | කොළඹ) –  2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනාගෙන් අපේක්ෂකයන් 33 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තක වී තිබේ.

මෙම මුදල් රාජසන්තක වීමට හේතුව වන්නේ ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 5% ක් ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්.

ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ (52.25%) සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස (41.99 %) පමණක් ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 5% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත්විය.

ජනාධිපතිවරණයේ තෙවැනියට වැඩිම ඡන්ද ප්‍රමාණයක් වාර්තා කළ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක 3.16% ක් පමණක් ලබා ඇති බැවින් ඔහුගේ ඇප මුදල ද ඒ අනුව ඔහුට අහිමි වනු ඇත.

ජනාධිපතිවරණය සඳහා යම් අපේක්ෂකයෙකු පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන්නේ නම් රුපියල් 50,000 ක ඇප තැන්පතුවක් සිදුකළ යුතු වන අතර ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරන්නේ නම් ඇප තැන්පතු මුදල රුපියල් 75,000 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

Mohamed Dilsad

ජලාශ 3ක වාන් දොරටු තවදුරටත් විවෘත කෙරේ

Mohamed Dilsad

බ්‍රසීල හිටපු ජනපතිට සිරදඩුවම්

Mohamed Dilsad

Leave a Comment