ප්‍රමුඛ පුවත 1

ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති රැසක් – සජිත්

(UTV | කොළඹ) –  කඳුරුවෙල නගරයේ පැවති ජනරැළියකට එක්වෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශකර සිටියේ මෙරට ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තම පාලනයක් යටතේ ව්‍යාපෘති රැසක් දියත් කරන බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී පොළොන්නරුවේ සෑම මැතිවරණය කොට්ඨාශයකම ආසන 3 ම ඉහළින්ම ජයග්‍රහණය කරන බවත් , විශේෂයෙන්ම මෙම බල ප්‍රදේශයේ සිටින කිරි ගොවීන්ට නොවැම්බර් 16 වන දිනෙන් පසුව තණ බිම් ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය

එමෙන්ම , ආහාර නිෂ්පාදනය හා ජාතික නිෂ්පාදන ඉහළට ඔසවා තබන බවත් ඒ තුළින් කෘෂිකර්මාන්තයට කිසිදු ජන නායකයෙක් නොකෙරූ දෙයක් තමා සිදු කිරීමට යන බවත් ඔහු අවධාරණය කළේය.

වී වගාවට ,එළවළු හා පළතුරු වගාව සඳහා මෙන්ම හේන් ගොවිතැන ආදි සියලු දේ සඳහා නොමිලේ පොහොර ලබා දීමට තමා කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

මීට අමතරව අනුරාධපුරය ප්‍රදේශයේ පැවති තවත් හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ දරිද්‍රතාවය ඉදිරි වසර 5 තුළ මෙරටින් තුරන් කරන බවත් , රටේ සෑම ජන කොටසකටම තම වෘත්තීය තුළ උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට නව පාලනයක් යටතේ අවස්ථාව සලසන බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහල සඳහා මුල්ගල තැබීම අද

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියෙන් දුම්රිය වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment