ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී රත්‍රන් රැගෙන ආ පිරිසක් අත්අඩංගුවට

 

(UTV | කොළඹ) – ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු විසින් රුපියල් තුන් කෝටි දහනව ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා කිලෝග්‍රෑම් 4.7ක් බරැති ස්වර්ණාභරණ නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ඒමට තැත් කිරීමේදී ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගුව සඳහන් කරන ආකාරයට ඔවුන් සිය කලිසම් සාක්කුවල සහ භාවිත කළ ඇදුම් සමඟ මෙම ස්වර්ණාභරණ සඟවාගෙන පැමිණ ඇත.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවට සඳහන් වන මෙම පුද්ගලයින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඊයේ (31) මෙලෙස රත්‍රං රැගෙන පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් වන අතර අවුරුදු 30ත්, 50ත් අතර වයස්වල පසුවන්නන් බවට වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ හදවත් සැත්කම නිසා සති 06 විවේකයක් අවශ්‍ය බව අධිකරණයට දන්වයි

Mohamed Dilsad

මන්ත්‍රී ගම්මන්පිලගේ චෝදනාවට අධිකරණ ඇමතිනියගෙන් පිළිතුරු

Mohamed Dilsad

තැපැල් ඡන්ද දායක ලැයිස්තු සහතික කිරීම අද

Mohamed Dilsad

Leave a Comment