ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ හදවත් සැත්කම නිසා සති 06 විවේකයක් අවශ්‍ය බව අධිකරණයට දන්වයි

(UTV| කොළඹ) – සිය සේවාදායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා 2019-05-31 සිංගප්පූරුවේදී හෘද සැත්කමකට ලක් කල බැවින් ඔහුට සති 06 ක විවේකයක් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇතැයි ජනාධිපති නීතීඥ අලි ශබ්රි මහතා අද (19) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන් බව අප අධිකරණ වාර්තාකරු කියයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ නඩුවක් අද (19) ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදි විභාගයට ගත් අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අලි ශබ්රි මහතා මෙසේ අදාළ දැනුම් දීම කර තිබේ.

එ මහතා මේ වන විට අධිකරණ අවසරය මත විදෙස්ගතව සිටියි. ඒ අනුව අදාළ කාළය තුළ විවේක ගැනිම සඳහා අධිකරණයේ අවසරය හිමීව ඇති බවත් පැවසේ.

ඒ අනුව අදාළ නඩුව ජුලි 26 වැනිදා විභාගයට ගැනිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් සුළගේ වේගය වැඩිවන බවට දැනුම් දීමක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 900 ඉක්මවයි

Mohamed Dilsad

පිල්ලෙයාන් යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment