ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල්ගේ මොළය පරීක්ෂා කරන්න –  රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවේදී කියයි(වීඩියෝ)

(UTV| කොළඹ)  – අසත්‍ය බව දැන දැනමත් දිගින් දිගටම බොරු කියන විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ මොළේ පරීක්ෂා කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

බදියුදීන් මහතා එම අදහස් පළ කළේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදීය. එහිදී බදියුදීන් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“මගේ මවගේ සහෝදරයෙක්ගේ දියණිය දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ සිද්ධියට සම්බන්ද යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබෙනවා.මගේ මවට සහෝදරයෙක් නෑ. විමල් වීරවංශ මන්ත්‍රීතුමා දිගින් දිගටම මේ උත්තරීතර සභාවේ අසත්‍ය ප්‍රකාශ කරනවා. සහරාන්ගේ සිද්ධිය වූ දිනයේ සිටම බොරු කියලා ජනතාව රවට්ටලා, ජාතීන් අතර වෛරයක් ඇති කරලා ලොකු වැරැදි වැඩ දිගටම කරගෙන ආවා”.

“එයා කියපු දේවල් ඔක්කොම බොරු කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. එතුමා මට විරුද්ධව මේ වන තෙක් පොලිසියට කිසිම පැමිණිල්ලක් කරලා නැහැ. මාධ්‍යයට බොරු ප්‍රකාශ දෙනවා. එතුමා කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයි. මගේ මවට කිසිම සහෝදරයෙක් නැහැ. ඒ සිද්ධියට කිසිම සම්බන්දයක්
නැහැ. මාධ්‍ය මගිනුත් මේ සම්බන්දයෙන් ඇත්ත තත්ත්වය එළි කරන්න කියලා ඉල්ලා සිටිනවා. දිගටම බොරු කියන විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ මොළේ පරීක්ෂා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා”. යැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනතුරකින් මව සහ දරුවා මියයයි

Mohamed Dilsad

සති දෙකක් රට පුරා පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

මහසෝන් බලකායේ ප්‍රධානියා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment