ප්‍රමුඛ පුවත 1

“නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව කැදවනවා” ජනපති

(උදයම් , කොළඹ) –  පවතින නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

ඊයේ ගුවන් හමුදාවේ විසිරයෑමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.

 

“මම පසුගියදා  සන්ධ්‍යාවේ නාවික හමුදාපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා සමගත් කතා කළා. වර්ෂාව නොමැතිව ඇති වී තිබෙන නියඟ තත්ත්වයේදී ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජයේ නිලධාරීන් හා එක් එක් දිස්ත්‍රික්ක සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට මා බලාපොරොත්තු වෙනවා”

 

“ත්‍රිවිධ හමුදාවට නියඟය පවතින දිස්ත්‍රික්ක ලබා දී එම ජනතාවට පානීය ජලය සැපයීම සහ අනෙකුත් සුබදාධන කටයුතු  සිදු කිරීමේ වගකීම ත්‍රිවිධ හමුදාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා”  යැයි ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

පකිස්ථානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්

Mohamed Dilsad

ගම් උදාවට අමතරව වැව් උදාවක් – සජිත්

Mohamed Dilsad

ලෝක තෙත් බිම් ජාතික වැඩසටහන අදයි

Mohamed Dilsad

Leave a Comment