ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට වරාය චීනයට විකිණීමට එරෙහි නඩුව විභාග කිරීමට දින නියමවේ

(උදයම් ,හම්බන්තොට) – හම්බන්තොට වරාය සහ ඒ අවට ඉඩම් අක්කර 15,000ක් චීන ආයෝකයින්ට ලබාදීමේ තීරණයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් අදාළ පෙත්සම ගොනු කර ඇති බව වාර්තාවේ.

 

හම්බන්තොට වරාය විකිණීමේ ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පසුගිය දා පැවසීය.

 

ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

ඒකාබද්ධය විපක්ෂය හා සමාජවාදී ජනතා පෙරමුණ වෙනුවෙන් මෙම පෙත්සම  ගොනු කර ඇති බව ඒ මහතා කියා සිටියේය.

 

ඒ සඳහා නඩු අංක 467-2016 යන අංකය යටතේ අදාළ පෙත්සම ‍ගොනු කර ඇති බවත්,  වරාය විකිණීමේ ක්‍රියාමාර්ගයට නැවැත්වීම  සඳහා ඕනෑම ක්‍රියා මාර්ගයකට යෑමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබුණි.

Related posts

චීනය හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ මිත්‍රශිලි වෙළෙඳ ගනුදෙනු සිදුවන වෙනවා -ඇමති රිෂාඩ්

Mohamed Dilsad

හෙට සිට කෝප් කමිටුවේ දොර මාධ්‍යට ඇරෙයි

Mohamed Dilsad

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම වළක්වාලමින් පෙත්සමක් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment