විදෙස්

රජීව් ගාන්ධිගේ ඝාතකයන්ට රැකවරණ ලබාදුන් ජේ.රංගනාත් නැමැත්තා මියයයි

(උදයම්,කොළඹ ) – 1991 වසරේදී ඝාතනයට ලක්වු ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඝාතකයන්ට රැකවරණ ලබාදුන් ජේ.රංගනාත් නැමැත්තා මියගොස් තිබේ.
බැංගලෝරයේදී ඊයේ ඔහු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මියයන විට ඔහු 60 වන වියේ පසුවිය.

රජීව් ඝාතකයන් වූ සිවරාසන්, සුභා සහ තවත් පස් දෙනෙකුට ඔහු රැකවරණ ලබාදී තිබුණේ බැංගලෝරය ආසන්නයේ පිහිටි කෝනනකුන්ටේ ප්‍රදේශයේ නිවසකය.

රංගනාත්, රජීව් ගාන්ධි ඝාතන නඩු විභාගයේ 26 වන සැකකරුද ඔහු වේ.
1999 වසරේදී රංගනාත් ඇතුළු සැකකරුවන් 19 දෙනෙකු නිදහස් කෙරුණා.

Related posts

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

විකිරණ බලපෑමෙන් පුස්ගලයෙකු මරුට

Mohamed Dilsad

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment