විදෙස්

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අදයි

 

(UTV | කොළඹ) – අමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය සඳහා වන සෙනෙට් සභා ඡන්ද විමසීම අද (18) පැවැත්වීමට නියමිතව ඇත.

ලබන වසරේ අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේනයේ උපකාර ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අදාළ චෝදනාව මුල්කරගෙන ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබුවේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ දෝෂාභියෝගයකට මුහුණ දුන් තෙවන ජනාධිපතිවරයායි.

ඔහුට එරෙහි දෝෂාභියෝගය සම්මත කර ගැනීමට නම් සෙනෙට් මණ්ඩල ඡන්ද විමසුමේදී තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගත යුතු වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියාවේ සංචාරක තහනම ජාත්‍යන්තරයේ විවේචනයට

Mohamed Dilsad

පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවාට නිදහස.

Mohamed Dilsad

ඉන්දියාවේ ඔක්සිජන් වායු අලෙවිය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment