ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවට ජපානයෙන් ලැබුණු චීටා යුවල

(UTV | කොළඹ) – ජපානයෙන්  ශ්‍රී ලංකාවට චීටා සතුන් යුවළක් පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස දෙහිවල සත්වෝද්‍යානයට චීටා යුවලක් ලැබී ඇත්තේ වසර 20කට පමණ පසුවය.

ජපානයේ  – ‘තමා’ සත්ත්වෝද්‍යානයෙන් මෙම චීටා යුවල පරිත්‍යාගයක් ලෙස ලැබුණු බව දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය සඳහන් කළේය.

මෙම සතුන් මේ වන විට හම්බන්තොට – රිදීගම සෆාරි උද්‍යානයේ නිරෝධායනය කෙරෙන බවයි ඇය කියා සිටියේ.

වයස අවුරුදු 2ක් පමණ වන මෙම චීටා සතුන් යුවළ මාසයක නිරෝධායන කාලයකින් අනතුරුව මහජනයාට ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බවද අධ්‍යක්ෂිකාව පැවසුවාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තිරිඟු පිටි සඳහා රජයෙන් මිල සූත්‍රයක් ?

Mohamed Dilsad

ප්‍රවීණ ගොල්ෆ් ක්‍රීඩකයින් සමඟ එක්ව යුද්ධ හමුදාව ගොල්ෆ් ක්‍රීඩාව නගාසිටුවන්න සුදානම්

Mohamed Dilsad

ෆේස්බුක් බලධාරීන් අද දිවයිනට – අගමැති කියයි

Mohamed Dilsad

Leave a Comment