විදෙස්

ලන්ඩනයේ තිබී හමුවූ මළ සිරුරු 39 ඉවත් කරයි

(UTV | කොළඹ) – බල්ගේරියාවේ සිට ලන්ඩන් නුවර වෙත ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක තිබී හමුවූ මළ සිරුරු චීන ජාතිකයින්ගේ බවට අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රාන්තයේදී අදාළ මළ සිරුරු සහිත කන්ටේනරය පොලිස් භාරයට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණි.

වැඩිහිටි පුද්ගලයින් 38 දෙනෙකුගේ සහ එක් තරුණයෙකුගේ සිරුරක් ඊට අයත් අතර , මෙම ඝාතනවලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනා ගැනීම සඳහා මේ වන විට එසෙක්ස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මළ සිරුරු ඉවත් කිරීම එරට ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇත.

අදාළ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ බෲම්ෆිල්ඩ් රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ චීනයේ ලන්ඩන් තානාපති කාර්යාලය කඩිනම් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකතනතුරට සිය බෑනා පත් කරගනී

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති ධූරය රිෂී සුනක් ට

Mohamed Dilsad

සටන් විරාමයකට සූදානම් – හමාස් සංවිධානය කියයි

Mohamed Dilsad

Leave a Comment