විදෙස්

ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකතනතුරට සිය බෑනා පත් කරගනී

(උදයම්,ඇමෙරිකා ) – ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකතනතුර සඳහා කෙනෙකු නම්කර තිබේ.
ඒ තම බෑනා වන ජෙරාඩ් කුෂ්නර්.

ට්‍රම්ප්ගේ වැඩිමහලු දියණිය වන ඉවන්කා ට්‍රම්ප් සමග විවාහ වී සිටින ජෙරාඩ් යනු දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍ර රැසකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකි.

35 වැනි වියෙහි පසුවන ජෙරාඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ කැපීපෙනෙන චරිතයක් විය.

එසේම, මෙම නව ධුරය තුළ දේශීය මෙන්ම විදේශීය ප්‍රතිපත්ති සම්බන්ධ කරුණු රැසක් ආවරණය කරනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම නම් කිරීමත් සමගම ඩිමොක්‍රටික් කඳවුර විසින් මෙය ඥාති සංග්‍රහයක් බව පවසමින්, මෙම පත්කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඇති බවද විදෙස් වාර්තා පවසයි.

Related posts

ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

Editor O

විශ්වාසභංගයෙන් තෙරේසා මේට ජය

Mohamed Dilsad

මාර්ගට් රොබී බාර්බි ඩෝල් චරිතයකට පන පොවයි…

Mohamed Dilsad

Leave a Comment