ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

 

(UTV | කොළඹ) – තැපැල් ඡන්ද පත්‍රිකා 659,514 ක් තැපෑලට භාර දෙන බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ තැපැල් ඡන්ද පත්‍රිකා මධ්‍යස්ථාන කරා රැගෙන යාමට හෙට (19) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරෙන කාල සීමාවේදී තැපැල් කාර්යාල අශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

අදියර දෙකක් යටතේ මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇත.

ලබන 31 වන දා සහ ලබන මස 01 වන දා රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියි.

ලබන මස 04 වන දා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසියට ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

ලබන මස 07 වන දා එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වව්නියාවේ නිවසක් තුල තිබී හැඳුනුම්පත් 15ක් සොයාගැනේ.

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

Mohamed Dilsad

හැඳුනුම්පත් ඉල්ලූම් කළ හැකි කාලය අවසන් වේ

Mohamed Dilsad

Leave a Comment