ප්‍රමුඛ පුවත 1

බුදු සසුනේ චිරස්තිථිය උදෙසා අධිෂ්ඨානයෙන් ක්‍රියා කරනවා – ඇමති සජිත් [VIDEO]

(UTV | කොළඹ) – බුදු සසුනේ චිරස්තිථිය උදෙසා අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන බව නව ප්‍රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස  පවසයි.

ඊයේ(12) රාත්‍රීයේ රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී ඔහු මේ බව කියා සඳහන් කළේය.

ඊයේ රාත්‍රියේ කතරම පුදබිම වෙත පැමිණි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස කිරිවෙහෙර රජමහා  විහාරය වෙත පැමිණ ආගමික වතාවත් වල නිරතවුහ.

අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ බැහැදැක අශිර්වාද ලබාගත්තේය.

උන්වහන්සේ සෙත් පිරිත් සඡ්ඣායනා කොට සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද පළ කළේය.

ඉන් අනතුරුව කතරගම දේවාලය වෙත ද පැමිණි ඒ මහතා විශේෂ ආශිර්වාද පූජාවකට සහභාගී විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුමින්ද දිසානායක ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය වැය ශිර්ෂ කප්පාදු යෝජනාව න්‍යාය පත්‍රයට

Mohamed Dilsad

රනිල් සජිත් තීරණාත්මක සාකච්ඡාව අද

Mohamed Dilsad

Leave a Comment