ප්‍රමුඛ පුවත 1

LTTE සැකකරුවන් සමග පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී ගිණි අවියක් සහ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් ඇතුලු සැක සහිත භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

සේරුනුවර යුද හමුදා කඳවුරේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ නිවසේ තිබී මෙම ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර , සේරුනුවර පොලිස් නිළධාරින්ගේද සහය ඇතිව මෙම වැටලීම සිදුකර ඇත.

මෙහිදී අත්බෝම්බ කිහිපයක් , ටී 56 සජීව පතොරම් 154ක් , ජංගම දුරකථන 04 ක් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත ටී ෂර්ට් 04 ක්ද හමුවූ බව පොලිසිය සඳහන් කළේය.

මෙම වැටටීමේදී සැකකරුගේ බිරිඳ සහ ඇයගේ සහෝදරියද අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

වැඩිදුර විමර්ශන සඳහා මෙම පිරිස ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය වෙත භාර දීමට නියමිතව ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ රෝහලක ඇරඹු පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව

Mohamed Dilsad

ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළ යයි

Mohamed Dilsad

‘තීන්දුව හරි අතට’ ශ්‍රීලනිප සමුළුව ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment