ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (04) දිනයේදී කොළඹට කැඳවා තිබේ.

පස්වරු 12.00 ට කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව පැවැත්වීමට නියමිත අතර , පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ රැස්වීම පැවැත්වෙනු ඇත.

ජනාධිපතිවරණය , ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඇතුලු වත්මන් දේශපාලන තත්වය පිළිබද මෙහිදී අවධානය යොමු වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර හමුවක් ඊයේ (03) රාත්‍රියේදී පැවැත්විණි.

Related posts

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද පූජාවට ජනපති එක් වෙයි.

Mohamed Dilsad

අද විශේෂ තේරීම් කාරක සභාවේ සාකච්ඡාවක් පැවැත්වේ. [video]

Mohamed Dilsad

ජලය, විදුලිය සහ ආහාර උපරිම පිරිමැස්මකින් භාවිත කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment