ක්‍රීඩා

කළු පටි පැළඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරඟ බිමට

(UTV |කොළඹ) –  මේ වන විට කරච්චිහිදී  පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කළු පටි පැළඳ ක්‍රීඩා කරයි.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විධායක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරන ලද මයිකල් ද සොයිසා මහතාගේ හදිසි අභාවය පිළිබඳව කණගාටුව පල කිරීම සඳහාය.

මයිකල් ද සොයිසා මහතා මිය යන විට 73 වැනි වියේ පසු විය.

සොයිසා මහතා අවසන් වරට මෙම වසරේ මුල් කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උපදේශන කමිටුවේ ප්‍රධානියා ලෙසින් කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙසින්ද කීහිප වතාවක්ම කටයුතු කර ඇති ඒ මහතා කාලාන්තරයක් තිස්සේ මෙරට ක්‍රිකට් පරිපාලනයේ තවත් ගෞරවනීය තනතුරු කීපයක්ම දරා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අජන්ත මෙන්ඩිස්වත් අභිබවා ගිය ඉන්දීයාවේ සාමී

Mohamed Dilsad

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මැතිව්ගෙත් බලාපොරොත්තු සුන්වෙයි

Mohamed Dilsad

2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය කල් යයි

Mohamed Dilsad

Leave a Comment