ප්‍රමුඛ පුවත 1

අගමැති රනිල් සහ ඇමති සජිත් අතර අදත් සාකච්ඡා

(UTV| කොළඹ) – ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳීමේ සාකච්ඡාවක් අද දිනයේත් පැවැත්වෙන බව එක්සත් කාතික පක්‍ෂය පවසයි.

ඒ එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතරය.

එම තීරණාත්මක සාකච්ඡාවක් අද (22)පස්වරුවේ පැවැත් වෙන බව එම පක්‍ෂයේ ජෙෂ්ටයෙකු පැවසීය.

ඊයේ (21) දිනයේද එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍ර කණ්ඩායම රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

මීට පෙර ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අතර මෙවැනි සාකච්ඡාවක් පැවති අතර එය ද අවසන් වූයේ එකඟතාවයකින් තොරවය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා තෝරාගැනීම සිදු කළ යුත්තේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය අනුව නොව, පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ එකඟතාව මත පමණක් බව එහි පසුපෙළ මන්තී‍්‍ර කණ්ඩායම දිගින් දිගටම සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අක්මීමන පාසලකට බලහත්කාරයෙන් ඇතුලුවීමට ගිය පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

Mohamed Dilsad

මාතර කොල්ලයේ තවත් තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

නිදහස ලැබූ ඥානසාර හිමි ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment