විදෙස්

ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බව තහවුරු වේ

 

(UTV-කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අල්කයිඩා ත්‍රස්ත සංවිධානය යළි ගොඩනැංවීමේ නිරතව සිටි ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් ගුවන් ප්‍රහාරයකින් මියගිය බව තහවුරු කර ඇත.

ජනපති ට්‍රම්ප් සඳහන් කරනුයේ ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දේශසීමා ප්‍රදේශයේ ත්‍රස්ත මර්දන මෙහෙයුමකදී ඔහු එලෙසින් මියගිය අතර එම මෙහෙයුමට ඇමරිකානු හමුදා සම්බන්ධ වූ බවයි.

ඔත්තු සේවා උපුටා දක්වමින් ඇමරිකානු මාධ්‍ය හම්සා බින් ලාඩන්ගේ මරණය වාර්තා කර තිබූනද ජනපති ට්‍රම්ප් සහ පරිපාලනයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඒ බව මෙතෙක් තහවුරු කර තිබුණේ නැහැ.

හම්සා බින් ලාඩන්ගේ මරණය ධවල මන්දිරය ඊයේ(14) නිකුත් කළ නිවේදනයක් මගින් ජනපති ට්‍රම්ප් තහවුරු කර ඇති අතර, එය එම සංවිධානයට එරෙහි මෙහෙයුම්වල ජයග්‍රහණයක් ලෙස හඳුන්වා ඇත.

ජිහාඩ් හෙවත් ශුද්ධ යුද්ධයේ කුමාරයා ලෙසද ඇතැමුන් හම්සා බින් ලාඩන් ඇතමුන් හඳුන්වනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිපිරිමකින් පුද්ගලයින් 06 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඊශ්‍රායලයේ තීරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ඇමරිකාවේ සමූල ඝාතන ඉහළට

Mohamed Dilsad

Leave a Comment