ප්‍රමුඛ පුවත 1

අගමැතිට සිතාසි නිකුත් කරයි

(UTV| කොළඹ) – අගමැති රනිල් වික්රතමසිංහ මහතා හට දූෂණ වංචා පිළිබද සොයන ජනාධිපති කොමිසම හමුවට හෙට දිනයේදී පෙනී සිටීමට නොහැකි බව දැනුම්දීම හේතුවෙන් එළඹෙන 16 වනදා පෙනී සිටින්නැයි අගමැතිවරයාට යළි සිතාසි නිකුත් කරයි.

ඒ පිළිබඳව ලිඛිතව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා කොමිසම හමුවට දැනුම්දී ඇති අතර , මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ඇති බවට පවසමින් අදාළ දැනුම්දීම සිදුකර තිබේ.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයාට ලබන 16 වනදා උදෑසන 9.30 ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි සිතාසි නිකුත් කළ බව එම කොමිසම ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවනු ලැබීය.

Related posts

මාතරදී කොල්ලකරුවන් හා පොලිසිය අතර වෙඩි හුවමාරුවක්

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාව අදත් රැස්වේ

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව විභාගයට ගන්න දින නියම වේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment