ප්‍රමුඛ පුවත 1

සහරාන් හෂීම් ගැන 97 වතාවක් අනතුරු අඟවූ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙළිවෙයි

(UTV| කොළඹ) – 2016 වසරේ සිට මේ වසරේ අප්‍රේල් 21 වනදා දක්වා කාලය තුළ ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් ඇතුලු කල්ලියෙන් ප්‍රහාර එල්ලවන බවට කළ අනතුරු ඇඟවීම් නිවේදන 97 ක් රාජ්‍ය බුද්ධි සේවය විසින් ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට යොමු කර ඇති බව ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ප්‍රකාශ කර තිබේ.

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්, සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලූ අවස්ථාවේදියි.

එම නිවේදන රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලන්ත ජයවර්ධන ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශ සහ අනෙකුත් ලේඛනවලින් තහවුරු වී ඇති බව ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන එහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට

Mohamed Dilsad

ප්‍රියංක ප්‍රනාන්දු නඩුවේ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

අද සිට කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment