විදෙස්

බ්‍රෙක්සිට් යෝජනාව පරාජයට පත්වුවහොත් ඡන්දයක්- බොරිස් ජොන්සන් [video]

(UTV | කොළඹ) – ලබන මස 14 වනදා මැතිවරණයක් පැවැත්වීම සඳහා වන යෝජනාවක් සභාගත කිරීමට අපේක්ෂා කරන බව අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේය. 

ඒ , ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමේ යෝජනාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත්ය.

තමන්ට මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත් , එහෙත් බ්‍රෙක්සිට් යෝජනාව පරාජයට පත්වුවහොත් ඡන්දයක් පැවැත්වීමට සිදුවන බවත් බොරිස් ජොන්සන් ප්‍රකාශකර ඇත.

බ්‍රිතාන්‍ය පාලක පක්ෂයේ ද ඇතැම් පිරිස් එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය සමඟ එක්ව ලබන මස 31 වනදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය නතර කිරීම සඳහා පනත් කෙටුම්පතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා ගැන තොරතුරු දෙන්නන්ට සල්ලි දෙන්න සුදානම්

Mohamed Dilsad

මගීන් 141 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගිනි ගනී (වීඩියෝ)

Mohamed Dilsad

චීනය සමඟ ඇමෙරිකාව වෙළඳ සබඳතා ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment