ප්‍රමුඛ පුවත 1

වර්ෂාව සමඟ ඩෙංගු හිස ඔසවයි(වීඩියෝ)

(UTV| කොළඹ) –  මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 42,000ක් පමණ වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ නිරිත් දිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

තෙවන පාසල් වාරය ආරම්භ වන ලබන 2 වනදා ට පෙර පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය  දැනුම් දී තිබේ.

ඒ අනුව හෙට සහ අනිද්දා දින වල සියලු පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

සුරා බදු (සංශෝධන ) ආඥා පනත සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලදැයි කරනු ලබන චෝදනා පදනම් විරහිතයි-මහබැංකුව

Mohamed Dilsad

Leave a Comment